- +94 (77)-535-7422
- admin@astrosasmitha.info
සස්මිත ඔන්ලයින් ජ්‍යෝතිෂ පාසල
සස්මිත ජ්‍යෝතිෂ ආයතනයට ඔබව සාදරයෙන් පිලිගනිමු…….
මෙම ආයතනය අතීත මුතුන් මිත්තන්ගෙන් අපට උරැම වූ වටිනා දායාද අතරින් මිනිසාගේ දෙලොව ජය ගැනීමට වඩාත් උචිත වන උතුම් බුදු දහමෙන් කියවෙන හේතුව සහ ඵලය පිළිබඳව දැක ගත හැකි, දැන ගත හැකි දිව්‍ය ඇසක් බඳු මාහැඟි ශ්‍රාස්ත්‍රයක් වන උතුම් ජ්‍යෝතිෂ විෂය ඉදිරි පරපුරට, අනාගත යහපත උදෙසා දායාද කිරීමේ අරමුණ ඇතිව ආරම්භ වූවකි………..

ජ්‍යොතිෂයට උනන්දුවක් දක්වන ඔබට කරන ගෞරවනීය ආරාධනයයි………..
සස්මිත ආයතනයේ විධිමත්ව පවත්වන 10 වන ජ්‍යෝතිෂ මූලික පාඨමාලාවට අදාල නොමිලේ දේශන මැයි මස 9 දින රාත්‍රි.8.30 ට ආරම්භවේ…..
එම දේශන සඳහා සම්බන්ධ වීමට පහත ලින්ක් එක මඟින් වට්ස්ඇප් සමූහයට සම්බන්ධ වන්න…..
ස්තූතියි, තෙරැවන් සරණයි …………
අප ආයතනය මගින් ඔබට ලබාගත හැකි පහසුකම්වලින් බිඳක්......

ඉගෙනීමට පහසු ලෙස සකසන ලද පාඩම් මාලාව
ප්‍රවීණ ගුරුවරයෙකු විසින් නිර්මාණය කරන ලද ඉහළම මට්ටමේ අධ්‍යයන පහසුකම් යටතේ ඉගෙනීමට ඇති හැකියාව.

ගුරුතුමා සහ ඉගැන්වීම් පිලිබඳ ශිෂ්‍ය අදහස්
ගුරුතුමා යටතේ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය පිරිස විසින් එතුමා සහ ඉගැන්වීම් රටාව පිලිබඳ දැක්වූ අදහස් එකතුව

සිසුන් වෙනුවෙන් සැකසුනු සාකච්ඡා
ගැටළු සාකච්ඡා කිරීම සඳහා වෙන්වූ සාකච්ඡා කණ්ඩායමට ප්‍රවේශය ලබා ගන්න.

වීඩියෝ දේශන සඳහා පූර්ණ කාලීන ප්‍රවේශය
සජීවී පන්තිවල උසස් තත්ත්වයේ වීඩියෝ පටිගතකිරීම් හරහා දේශන වෙත නිරතුරුව සවන්දීමේ හැකියාව.
සස්මිත ගුරුකූලේ ගුරු පියාණන් විසින් එතුමන්ගේ වටිනා දැනුම අප හට ලබා දෙන්නේ හරිම සෙනෙහසින් එතුමා උගත් දේ අපට ලබාදීම සම්බන්දව ඔබ තුමාට බොහොම පිං ඊළග භවයට මේ පිනේ හේතුවෙන් බුදුන් දැක නිවන් දැකීමට හේතු වේවා තෙරුවන් සරණයි.
පුෂ්ප කාන්තිත්රෛමාසික නැකත් පාඨමාලාව 
මෙවන් ගුරුවරුන් දේශයේ පිනට උපන් බව හැගේ. සසර මා කළ පිනක පලයක් ලෙස ඔබතුමාගෙන් නැකැත් ශාස්ත්‍රයට අත්පොත් තබන්නට ලැබිම සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් පිරි හදවතක් ඇත ජීවිතය නැමැති පාඩමද සමහර පිටු ආදරෙන් කියා දුනි එක වරක් නොවයි දහ වතාවක්වත් මනසේ ගැඹුරුම තැන් ස්පර්ශ වන තුරු කියා දුනි. අදට පමණක් නොවේ හෙටද දේශයට අවසි ගුරුපියතුමනි ඔබතුමාගේ ඉගැන්වීමේ කලාව නම් විශිෂ්ටය. ගෝලයකු වීමට ලැබීම ජීවිතයේ මා ලද භාග්‍යයකි. චිරන් ජයතු ගුරුදේව නමාමි !!!!!!!
නිලන්ති ත්‍රෛමාසික නැකත් පාඨමාලාව 
ජ්‍යෝතිෂයේ මුදුන් මල් කඩක් වන සුභ මුහුර්ත සෑදීමේ පාඨමාලාවට සහභාගි වූ මා හට ඔබතුමා විසින් ලබා දී ඇති ශාස්ත්‍රය ඉතා මැනවින් අවබෝධ වුණි..මෙවැනි උතුම් ශාස්ත්‍රයක් හරියාකාරව පුහුණු කිරීම සම්බන්ධයෙන් ගුරුතුමනි ඔබතුමාට ගොඩක් පින්!!!
එන් එම් සමරකෝන් ත්‍රෛමාසික නැකත් පාඨමාලාව 
The best teacher to learn astrology and auspicious time calculations.This teacher imparts his vast knowledge selflessly to his students without holding back any tricks of the trade.
Without doubt one of the best decisions I’ve made is to become his pupil.
I highly recommend this course to anyone without any hesitation.
Milinda Dissanayakeත්‍රෛමාසික නැකත් පාඨමාලාව 
අවසරයි අපේ ගුරුතුමනි
මා නම් මගේ පලමු සහ අවසාන ගුරුතුමා ලෙස දකින්නේ අපේ ප්‍රදීප් දේවප්‍රිය ගුරුතුමා පමනයි .ජෝතිෂය නැමැති විෂය කරුන ඉගෙන ගන්න මේ ගුරුතුමා හමුවීම මා ලද භාගයක් සේ සලකමි.
පුදුමාකාර ඉවසීමෙන් කරුණු කාරනා අවබෝධය ඇතිවෙනකම්ම කියා දෙන ගුරු උතුමෙකි.කාලවේලාව පැය දෙකයි නම් ඉන් එහා පැයක් දෙකක් හෝ කිසිදු අපහසුතාවයකින් තොරව ඉගැන්වීම් කටයුතු කරන අපේ ගුරුතුමාගෙ හැකියාවන් අගේ කොට සලකමි.
හරිම ආසාවෙන්,දැනුම අපේ හිත්වල රෝපණය කරන්න ගුරුතුමාට පුදුම දක්ශතාවයක් තියෙනවා .ගොඩක් පින්සිදු වේවා ගුරුතුමනි
මහා ස්වර්නමාලී සෑ රදුන්ගේ පිහිටයි ආශිර්වාදයයි නිරතුරුවම ලැබේවා
විශ්වයේ සියලු ආශිර්වාදයෙන් ගුරුතුමාගෙ කටයුතු සියල්ල සාර්ථක වේවා
නිදුක් වේවා නීරෝගී වේවා දීර්ගායු වේවා ගුරුතුමනි .🙏🙏🙏🙏
නදීකා හේමචන්ද්රත්රෛමාසික නැකත් පාඨමාලාව 
ආයතනය පිලිබඳ සිසුන්ගේ අදහස් සහ විශේෂ දේශන......

2022-05-09
මූලික ජ්‍යෝතිෂ පාඨමාලාව
4 වන කණ්ඩායමේ
ආරම්භක දේශනය

2023-02-12
කේන්දර සෑදීම පිලිබදව
නොමිලේ පැවැත්වූ
විශේෂ දේශනය

2023-07-02
මූලික ජ්‍යෝතිෂ පාඨමාලාව
6 වන කණ්ඩායමේ
ආරම්භක දේශනය

2023-07-02
මූලික ජ්‍යෝතිෂ පාඨමාලාව
6 වන කණ්ඩායමේ ආරම්භක දේශනයේදී
සිසුන් දැක්වූ අදහස්

2024-05-03
ර බු ගු සම්බන්දයේ
එක් පැතිකඩක් සහ
ධන යෝග පෙන්වන පිහිටීමක්......

2024-06-06
උසස් ජ්‍යෝතිෂ පාඨමාලාව
8 වන කණ්ඩායමේ
ආරම්භක දේශනය

2024-08-06
මූලික ජ්‍යෝතිෂ පාඨමාලාව
9 වන කණ්ඩායමේ
ආරම්භක දේශනය

2025-01-01
සුභ මුහුර්ත හෙවත් සුභ නැකැත් සෑදීමේ මාස තුනක පාඨමාලාව
ආරම්භක දේශනය