Skip to content

මූලික ජ්‍යෝතිෂ පාඨමාලා පිලිබඳ ශිෂ්‍ය අදහස්

    guest
    14 Comments
    Inline Feedbacks
    View all comments
    N m සමරකෝන්

    වර්තමානයේ ජෝතිෂ්‍ය විෂය පාඨමාලාවන් පවත්වන ඇතැම් ආයතන හෝ පුද්ගලයින් විසින්. වංචනික ලෙස මුදල් උපයන පරමාර්ථයෙන් පවත්වා ඔවුන් මහ මඟ දමා යන කාලවකවානුවක මෙම සස්මිස ජෝතිස්සය ආයතනය මා හට හමු වූයේ මා පෙර කළ යම් පිනක් හේතුවෙනි. මෙම ගුරුතුමාගේ ඉගැන්වීම් ක්‍රමවේදය ඉතා ක්‍රමානුකූලවේ. විෂය ධාරාව මනා ලෙස මනසට කාවද්දන ඉතාම පැහැදිලි කිරීම්. සරල බසින් සියලුම විෂය ධාරාවන් ආවරණය කරයි. මා අද මෙම ජ්‍යොතිෂ පාඨමාලාවේ හයවන කණ්ඩායමේ අවසන් කාල පරිච්ඡේදයට පැමිණ මෙම විෂය ධාරාවේ පුළුල් අවබෝධයක් මා හට ඇත. ප්‍රථමයෙන් මම එතුමාට බෙහෙවින් ස්ථීතුවන්ත වෙන අතර.. එතුමාගේ ජීවිතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යැයි මා පතමි

    දිසානායක

    සස්මිත ගුරුතුමා මීට වසර දෙකකට
    පමණ පෙර මට හමුවූයේ සර් ගෙ free clase කේන්ද්‍ර සෑදීම පාඩම් මාලාවේදී.
    එම පාඩම් මම සාර්ථක ව නිම කල
    නිසා සර් උගන්වන විසේෂ පන්ති දෙකකට නැවත නොමිලේ සහභාගි වීමට මට අවස්ථාව ක් ලබා දුන්නා .
    ඒ අවස්ථාව වනවිට මා ලොකු ගැටලු වකට මුහුණ දුන්නා .
    මට ජෝතිසය උගන්වපු මුල් ගුරුතුමා ට කෙනෙක් මැරෙන දිනය හරියටම කියන්න පුළුවන් කම තිබුනා .
    ඒ අනුව එතුමා මැරෙන දිනයත් මට පැවසුවා .
    මෙම උබතෝකෝටික ගැටලුව ඉදිරියේ මම අසරණ උනා.
    දෙවියන් ව්සින් සස්මිත සර් මට මුනගැස්සුවා වාගෙ සර් ට මෙම ගැටලුව ඉදිරිපත් කලා.
    නැහැ මිස් ඒකඒ විදියට නොවෙන්න අපි මේ විදියට මේවැඩ ටික කරමු කියා අවශ්‍ය පසුබිම සකස් කරදුන්නා.
    අපි අනුරාධපුර ගියා .
    පිං දහම් කලා.
    සස්මිත සර් ගෙ පූජාසනයේ සර් බාර හාරවුනා.
    සස්මිත සර් කිව්ව අර සර් මැරෙනව කිව්ව දිනය පහුවෙලා දින දෙකකට පස්සෙ එයාට කතා කරන්නම් කියල .
    මේ ආකාරයට මැරෙනව කිව්ව දිනයත් ලන්වුනා.
    අර සර් අන්තිම කැමති පත්‍රයත් ලියා සියලු දේවල් දරුවන්ට බෙදා හදාදී ඔහුගේ අවසාන ගමන යෑමට ඔහු සැරසුනා.
    අන්තිමට මැරෙනව කිව්ව දිනය පහූඋනා. ගැටලුවක් ඇති උනේ නැහැ .
    මටත් හරිම සතුටුයි .
    සස්මිත සර්ටත් ගොඩාක් පිං .
    මේ ආකාරයට සස්මිත සර් ට පුළුවන් කේන්ද්‍ර සියුම් ලෙස විග්‍රහ කරන්න .
    ඒවගේම සර් ට ගුප්ත මය හැකියාවන් තියනවා .
    (නිසල දිය ගැඹුරුය් කියල අහල තියනවා නෙ.)
    බුදු දහමට අනුව තමයි සර් ජීවත් වෙන්නෙ .
    සර් කවදා වත් අනුන්ගෙ දෙයක් කඩාවඩා ගන්නෙ නැහැ .
    සර් බොරු කියන්නෙ නැහැ .
    අපි දෙන පන්ති ගාස්තු ව පවා සර් අතට ගන්නෙ පිං දීල.
    ඒ නිසා උගන්වන සර් ට වරවරදින්නෙ ත් නැහැ .
    ඉගෙන ගන්න අපිට වරදින්නෙත් නැහැ .
    ඔබත් ජෝතිසය ඉගනගන්න දක්ෂ ගුරුවරු යෙකු තෝරා ගන්න .
    (මාපවසන මේ සියලු දේ සත්‍යය .)
    සස්මිත 6වන කන්ඩායම
    එල්.දිසානායක .

    Chandima Perera

    An excellent class with a great teacher! The lessons were clear, informative, and very useful. Definitely worth the investment. Highly recommended!

    Krishantha

    අපේ කාලයෙ මෙවන් ගුරුවරයකු ලැබීමෙ භාග්‍ය ලැබීම ගැන විශ්වමාතාවට පලමුව ස්තුතිවන්ත වෙමි හරවත් සහ ගුනවත්. ලෙස. අපට ලබා දෙන දැනුම් සයුර අමිල සම්පතකි ඔබ මාගෙ පලමු සහ එකම ගුරුවරයා වීම ගැන ඇත්තේ අතිමහත් ආඩම්බරයකි ගුරුතුමනි දීර්ඝායු වේවා

    Vishaka Aluthge

    ජෝතිෂ්‍ය විෂය පිලිබද මහත් විශ්වාසයක් කැමැත්තකින් පසුවූ මාහට මිතුරෙකුගේ මාර්ගයෙන් අපේ සස්මිත ගුරුතුමාගේ ජෝතිෂ්‍ය පාඨමාලාවට (9 කණ්ඩායම) සම්බන්ධ වීමට ලැබින.

    ඉතාමත් කැපවීමකින් හා සංයමකින් විෂය කරුණු අපවෙත ලබාදෙනුයේ අපගේ කුසල් සිතද අවධි කරමිනි.මෙය සසර ගමන සදහා මාලද බාග්‍යක් ලෙස සලකමි.

    අපේ ගුරුතුමා මෙම විෂය පිලිබද ඔහු සතු අගනා දැනුමෙන් අපද පෝෂණය කරන බව නොඅනුමානයි. එබැවින් සස්මිත අපේ ගුරුතුමාට බෙහෙවින් ස්ථීතුවන්ත වෙමින් නිදුක්ව නිරෝගීව තවත් බොහෝ පිරිසකට දැනුම බෙදන්න තුණුරුවනේ ආශිර්වාදය ලැබේවායි පතමි.

    චිරං ජයතු !!!

    අනූෂි ඒකනායක. 9 කණ්ඩායම

    සස්මිත සර් ගෙ පන්තිය ගැන මට දැනගන්න ලැබුණේ fB එකෙන්.මගෙ ජීවිතයෙ මම දැක පු හොඳම ගුරුතුමා ඔබතුමා යි .මුදලට යටවෙන සමාජයෙ ඉගෙනීමට මුල් තැන දෙන ඔබ තුමා අපේ රටට ආදර්ශවත් ගුරුතුමා සස්මිත ,
    දිනේවා සැමදා. 9

    Thamara

    සර් ගැන මා දැනගන්නේ අන්තර් ජාලය හරහා…. ජ්‍යොතිෂය ගැන කිසිම දෙයක් නොදන්නා ආධුනික අයෙක් වන මට, සර්ගෙ දැනුම බෙදා දෙන ආකාරය ගැන පුදුම හිතෙනවා…. ගුප්ත ශාස්ත්‍රයක් වන මෙය අපිට ඉගෙන ගන්න පුලුවන් වෙයිද…කියල බයකුත් තිබුනා…ඒත් ඉතාමත් සරලව උදාහරණ දක්වමින් පැහැදිලි කරන ආකාරය අතිවිශිෂ්ටයි.. ජ්‍යොතිෂය ට අත්පොත් ඔබතුමන් ගෙන් ලබා ගැනීමට හැකිවීමද මා ලැබූ භාග්‍යයක්…. හැදූ වැඩූ දෙමව්පියන් යන්ටත් මේ පිං අයිති වේවා… දීර්ගායු වේවා…..ගුරුතුමනි…🙏🙏🙏

    චානක මදුශාන්ත

    ඇත්තටම සර් ගෙන කතා කරන්න වචන හොයා ගන්න කෝහෝමද කියලා තේරෙන්නේ නෑ එ තරම් සර් විශිෂ්ඨයි. අද මේ ගෙන යම් දැනුමක් තියෙනවනම් එ සර්ට පිංසිද්ධ වෙන්න.කිසිම දෙයක් හංගන්නේ නැතුව අපට දුන්න එ දැනුමට ගෝඩාක් පිං.අවුරුදි දෙකකටත් වැඩි කාලායක් සර්ගේන් මේ විෂය ගෙන අකුරු කරා.එ කාලය තුල ලබපු දැනුම හරිම අති විශිෂ්ඨයි🙏🙏🙏❤️❤️❤️.

    ජයලතා

    මම ජොතිශ්‍ය හදාරලා තිබුනත් මට හොද දැනුමක් තිබුනේ නැහැ ඇත්තම කියනවා නම් මමත් ජොතිශ්‍ය අතරමං වෙලා අත හැරලා හිටපු කෙනෙක් ඒත් මගේ පෙර පිනකට වගේ අහම්බෙන් සස්මිත සර්ගේ නොමිලේ දේශනවලට සම්බන්ධ වුනා දේශන 2 කට සම්බන්ධ වුනාට පස්සෙ මට නැවත ජොතිශ්‍ය ඉගෙනීමට ආසාවක් ඇති වුනා ඇත්‍ර්තටම සර්ගෙ න් ඉගෙන ගන්න හැම දවසකම අපේ ජිවිතයට අලුතින් යමක් එකතු කර ගන්නවා සස්මිත සර් කියන්නේ ගුරු දෙවියෙක් අපේ අවසාන කාලයේ හරි මෙවන් ගුරුවරයකු ලබන්න මගේ පූරුවෙ පිනක් පල දෙන්න ඇති කියලා හිතෙනවා අපේ සර්ට සිසුන් විශාල පිරිසකට දැනුම ලබා දෙන්න හැකියාව ලැබේවා! සර් නිදුක් නිරොගි වේවා! දිර්ගායුශ ලැබේව! තෙරුවන් සරනයි

    නදීකා හේමචන්ද්‍ර

    බැතියෙන් වඳින්නට
    බැතියෙන් පුදන්නට
    සත් ගුනැති මහා ගුනවත්
    “ප්‍රදීප් දේවප්‍රිය ගුරුතුමනි ”
    දැක නොමැත ගුරුතුමාවන් අයෙක්
    🙏🙏🙏🙏🙏🙏
    අයන්න ආයන්න කරන්නට යන දරුවන්ට මෙන් කිසිවක් නොදැන ආ අපිට හිටි තැනින් ඔසවා තැබුවේ අපේ පින්වන්ත ගුරුතුමාය.
    නොදත් දේ තේරුම් යනකම්ම කොටලා පොවන්නා සේ මහා ඉවසීමකින් ශිල්පය බෙදා දෙන මෙහෙමත් ගුරුතුමෙකු වෙන මා දැක නොමැත.
    කාලය පිලිබද තැකීමකින් තොරව කිසිදු අපහසුතාවයකින් තොරව අපිට දැනුම දෙන්නට අපේ ගුරුතුමා කරනා කැපවීම ඉතාමත් විශිෂ්ට යි.
    දැනුම ගන්නට හොඳම පාසල සස්මිත ඔන්ලයින් පාසල බව කියන්නට සතුටුයි
    ගුරුතුමනි ගුරුතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා .සියලු බාධා දුරුවේවා .උතුම් තුන් රුවනේ ආශිර්වාදයෙන් බලයෙන් නීරෝගී බව දීර්ගායු වේවා .පින්සිදුවේවා ගුරුතුමනි මේ අනන්ත වූ විශ්වයට ස්තූතිවේවා අනේක වාරයක් ස්තුති වේවා .🙏🙏🙏🙏🙏

    ලක්මාල්

    මහා සාගරය බදු ජේ‍්‍යාතිෂ විෂය මනාව කැටිකොට අපට ලබා දෙන සස්මිත ආයතනය තෝරා ගැනිම මා ලද භාග්‍යකි.

    කරුණාවති අාර්්් එම්

    ගුරු පියාණනේ…ගුරු පියාණනේ…
    අත බුලත තියා සිප ගන්න දෙපා
    අපි කවදාද ඔහේ එන්නේ…

    සඳ මඬල ගැන කතා ඇහුවට
    තරු රටාවෝ නෙතේ ගැටුනට
    ඍෂිවරුන් කිව් සත්‍ය හෙළිකොට
    දිසාපාමොක් වුනේ කෙලෙසට…

    ගුරු මුෂ්ටි නොසඟවා කිසිවිට
    නැකත් යෝගත් නොහැර බැහැරට
    ශුභ අශුභ ඵල ශිල්ප දීමට
    දිඝාසිරි ගුරු පියාණන්හට…

    ගුරු පියාණනේ…ගුරු පියාණනේ…
    අත බුලත තියා සිප ගන්න දෙපා
    අපි කවදාද ඔහෙ එන්නේ…

    Nethmi Kalansooriya

    ජ්‍යෝතිෂ්‍ය ඉගැන්වීමෙන් ඔබ්බට ගිය, මනා ඉවසීමකින් යුත් ගුරුවරයෙක්. උගන්වන කරුණු, සිද්ධාන්ත ඕනෑම කෙනෙක්ට ලේසියෙන් මතක තබා ගැනීමට හැකි වන ලෙස ඉතා සරල පැහැදිලි කිරීම් වලින් සමන්විතයි. 
    මගේ රැකියාව, මගේ ඉගෙනීම, කිසිසේත් ජ්‍යෝතිෂ්‍ය හා සම්බන්ධයක් නැති අතර, කිසිදු මූලික දැනුමකින් තොරවයි මම මුලින්ම සස්මිත ආයතනය හා සම්බන්ද වුණේ. ස්තුතිවන්ත වෙනවා මගේ ගුරුතුමාට මෙතෙක් ලබා දීපු දැනුමට හා මමත් මගේ කණ්ඩායමේ සියලු දෙනා වෙනුවෙන් වන කැපවීමට. 
    9 වන කණ්ඩායම